Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොතක කොළයක් ඉරාදැම්මාට දඬුවමක් ලෙස දහවන වසරේ සිසුවකුට ලාඩප්පා පොල්ලකින් පහර දුන් බවට සැකපිට පොලිසිය මගින් විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන ඊයේ (11දා) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නිවිතිගල දොළොස්වලකන්ද විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදීම සම්බන්ධයෙන් නිවිතිගල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
15 හැවිරිදි පිරිමි දරුවාට සැකකාර විදුහල්පතිවරයා විසින් පසුගිය 08 දා දින පොතක කොළයක් ඉරුවාට දඬුවම ලෙස ලාඩප්පා පොල්ලකින් ඉතා සැරෙන් කොන්දට පහරදී ඇතැයි මාපියන් පොලිසියට පැමිණිලි කර තිබේ.
පහරකෑමට ලක් වූ සිසුවාගේ මාපියන් එදිනම ඔහු නිවිතිගල වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ගිලන් රථයකින් යවා ඇත.
මේ වන විට සිසුවා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට හුස්ම ගැනීමට අපහසු බවත් කොන්ද රිදෙන බවත් සඳහන් කරන බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
චෝදනා ලද විදුහල්පතිවරයාගෙන් පොලිසිය 10 දා ප්‍රකාශයක් ලබාගෙන තිබූ අතර දෙපාර්ශ්වය එකඟතාවකට නොපැමිණි නිසා විදුහල්පතිවරයා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ රැගෙන එනු ලැබීය.
චෝදනා ලද විදුහල්පතිවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ සිසුවකුට සුළු දඬුවමක් පමණක් ලබාදුන්නේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස බවයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart