January 2, 2024

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයන් යළි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයන් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවැසීය.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (01) පැවැති වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

ඒ අනුව විදේශයන්හි කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරතවූවන් ලබාගත් දැනුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුළ පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රයට අවශ්‍ය නව ව්‍යවසාකයන් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

ඒ අනුව අදාළ ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහාය සහ අවසරය හිමිවී ඇති බවත්, ඊට අදාළව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවැසීය.

42.31%
17.27%
32.76%