Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුගේ සිරදඬුවම් කාලය වසරක් දක්වා අඩුකිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකභා රාජසභා මණ්ඩලය කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනා පත්‍රය හා එම චෝදනා පත්‍රය අනුව කුරුණෑගල මහාධිකරණය විසින් නියම කල සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝග අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් විසින් ගොනුකළ අභියාචන පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.
අභියාචනය අද දින සම්පත් අබේකෝන්, පී.කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.
2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart