Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් දෙවැනි තීන්දුවක් ලබාගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වළක්වා ඇත.
කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය (රාජකීය රැස්වීම් ශාලාව) කඩාදැමීම සම්බන්ධ නඩුවට අදාළව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, සැකකරුවන් විසින් ගොනුකර තිබූ පෙත්සම් 05 අභියාචනාධිකරණය විසින් සළකාබැලීම නැවත දැනුම්දෙනතුරු වළක්වාලමින් නියෝගයක් නිකුත් කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයේ පෙර නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර තිබියදීත් පොලිසිය මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වූයේ මන්ද යන්න ගැටලු සහගත බවයි.
මීට පෙර රටේ ඉහළම අධිකරණයෙන් නිෂ්ප්‍රභ කළ නියෝගයම නිකුත් කරන ලෙස ඉල්ලා සැකකරුවන්ට අභියාචනාධිකරණයේ අලුතින් රිට් පෙත්සම් ගොනුකළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
බුවනෙකබාහු රජුගේ රාජකීය රැස්වීම් ශාලාව විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට පුරාවස්තු ආඥාපනත සහ පොදු දේපළ පනත යටතේ චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart