July 23, 2024

2000 වර්ෂයේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිතදිග බේරේ වැවේ පිහිටි පර්චස් 143ක් පමණ වූ කුරුලු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන තිබේ.

දැනට ඌණ උපයෝජිත තත්ත්වයේ පවතින එකී ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදාගැනීම පිණිස ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත.

ඒ අනුව, එකී ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු වටිනාකම මත පදනම්ව අවුරුදු 50ක කාලසීමාවක් සඳහා බදු පදනම මත ලබාදීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

42.31%
17.27%
32.76%