December 20, 2024

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කර තිබේ.

2023 මාර්තු මාසයේදී මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියේය.

INTERPOL සහ මැඩගස්කරයේ නීතිය බලාත්මක කිරීමේ අංශ සමග ඒකාබද්ධ මෙහෙයුමකදී ඔහුගේ කුප්‍රකට සහකරු වන ‘හරක් කටා’ නමින් හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න සමඟින් සලිඳු 2023 මාර්තු 1 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

තවත් සැකකරුවන් හය දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබූ මොවුන් සම්බන්ධයෙන් මැලගාසි ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට කරන ලද දැනුම්දීමකට අනුව ඔවුන් දෙදෙනා පසුව මාර්තු 15 වැනි දින ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබිණි.

‘කුඩු සලිඳු’ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අමතර කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් ඔහුට නියම කෙරිණි.

නඩුව 2025 පෙබරවාරි 10 වැනිදා නැවත විභාගයට ගැනේ.

42.31%
17.27%
32.76%