Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙත් තමන්ට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ගොනුකළ නඩුව අද (06) කොළඹ දිසා අධිකරණයේදී සමථයට පත්වී තිබේ.
එම නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය.
මීට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් මෙහිදි ඇය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකණයේදී පවසනු ලැබීය.
ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි අනුව කටයුතු කරන ලෙස දෙපාර්ශ්වකරුවන්ට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart