Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිනියාවල පොලිස් වසමේ යට්ටපාන නෙහෙරිහේන ප්රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් දෙබර ප්රහාරයට ලක්වී මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යට්ටපාන නෙහෙරිහේන පදිංචි සීලවතී මදනායක නම් හැත්තෑ පස් හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව සහ තවත් කාන්තාවක් පහළ හෙවෙස්ස නෙහෙරිහේන සිට යට්ටපාන දෙසට ඇති වැවල්ල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස දෙබර ප්රහාරයට ලක්වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මාර්ගය අසල ගසක බැඳ තිබූ දෙබර කූඩුව මියගිය කාන්තාව ගමන් කළ මාර්ගය මැදට කඩා වැටී ඇති අතර, එහිදී ඇය මෙලෙස දෙබර ප්රහාරයට ලක්ව තිබේ.
මෙම අනතුරේදී දෙබර ප්රහාරයට ලක්වූ අනෙක් කාන්තාව වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ මහරෝහලට මාරුකර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය මීගහතැන්න හදිසි මරණ පරීක්ෂක අරුණ දීප්ති ගුණසිංහ විසින් සිදුකර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart