September 16, 2024

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (15) චාවකච්චේරි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 94.52ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට යොදාගත් බවට සැකකරන කැබ් රථයක්ද නාවික හමුදාව භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල වීදි වටිනාකම රුපියල් මිලියන 37කට අධික බව විශ්වාස කෙරේ.

සැකකරු, කේරළ ගංජා තොගය සහ කැබ් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාරදී ඇත.