January 12, 2024

පොලිස් නිලධාරියකුට යාපනයේ මණ්ඩතීව් ප්‍රදේශයේදී භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පළාගිය පුද්ගලයන් දෙදෙනකුව ඌර්කාවතුරේ පොලිසිය පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරියා වෙත එල්ලකරන ලද භූමිතෙල් බෝම්බය නිසි ලෙස පිපිරී ගින්නක් හට නොගැනීම නිසා පොලිස් නිලධාරියාට කිසිදු අනතුරක් සිදුව නොමැත.

සිද්ධියට මුහුණදුන් පොලිස් නිලධාරියා මේ බව ඌර්කාවතුරේ පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශය පරීක්ෂා කොට භූමිතෙල් බෝම්බ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයන් දෙදෙනාව ඌර්කාවතුරේ හා මණ්ඩතීව් ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාව වනවිට ඔවුහු දැඩි ලෙස බීමත්ව සිට ඇත.

මෙම පොලිස් නිලධාරියාට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.(දිවයින)

42.31%
17.27%
32.76%