April 17, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කිළිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කිළිනොච්චි පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ.

කිළිනොච්චි, පුලියන්පොක්කනෙයි, ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මිලියන 15 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 85 ක් (පාර්සල් 40 ක්) මෙලෙස සොයාගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය සමඟ යාපනය උඩුවිල් ප්‍රදේශයේ වයස අවු 28ක පුද්ගලයකු හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාම වැඩිදියුණු කරන ලද ලොරි රථයක් 2025 අප්‍රේල් මස 16 දින අත්අඩංගුවට ගෙන ඇත.

ඉදිරි පරීක්‍ෂණ කටයුතු කිළිනොච්චි පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.