Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංසාර ගමන කෙළවර කර ගැනීමට පිං කුසල් රැස්කිරීමේ අරමුණින් අක්කර භාගයක පමණ ඉඩමක දාස්පෙතියා මල් වගාකර, දිවයිනේ බෞද්ධාගමික පූජනීය ස්ථාන වෙත පූජා කිරීමට යන බැතිමතුන්ට, දාස්පෙතියා මල් නොමිලේම පරිත්‍යාග කරන සැදැහැවත් මල්වගාකරුවන් පිරිසක් කැකිරාව, ඔළුකරද, කරඹෑවත්ත ප්‍රදේශයෙන් පසුගියදා හමුවිය.
අඹන්පොළ සිට රැකියාව පිණිස කැකිරාව නගරාසන්නයට පැමිණි එච්. එම. සාගරගේ සංකල්පයකට අනුව පූජ්‍ය ඇහැලේපොල තණ්හංකර ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනා මත කැකිරාව කරඹෑවත්ත ග්‍රාමයේ මෙම දාස්පෙතියා මල්වගාව ඉතා සාර්ථකව සිදුකරගෙන යයි.
මෙම මල් වගාව සඳහා ඩබ්ලිව්. එම්. සනත් කුමාර පරිත්‍යාග කළ අක්කර භාගයක පමණ ඉඩම් කොටසක ධර්මසිරි උපනන්ද, ඩී. එම්. කරුණාරත්න අනුර කෝරලගේ යන අයගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන් සම්බන්ධ කර ගෙන මෙය ක්‍රියාත්මක කෙරේ.
මහනුවර දළදා මාලිගය, කතරගම කිරි වෙහෙර, සඳගිරි සෑය, නෙල්ලිගල පුදබිම, රණවන යනාදි බෞද්ධාගමික පුදබිම් හි පූජාවන් සඳහා මේ වනවිට දාස්පෙතියා මල් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සැදැහැවතුන් හට නොමිලේම පරිත්‍යාග කිරීමට කරඹෑවත්ත මෙම මල්වගාකරුවන් පිරිස කටයුතු කර ඇත.
ඉකුත්දා අනුරාධපුර රුවන්වැලි සෑරදුන් වෙත දාස්පෙතියා මල් පූජාවක් උදෙසා මෙම මල් වගාවෙන් පස්වන වරටත් මල් නෙළනු ලැබීය. එහිදී මල් 20,000කට ආසන්න සංඛ්‍යාවක් නෙළු අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න විය.
එහෙත් ඔවුහු වාණිජ පරමාර්ථයකින් තොරට ඒවා නිර්ලෝභීව පිං කුසල් රැස්කිරීම උදෙසා මෙම රුවන්වැලි සෑරදුන් වෙත පූජා කරන ලදී.
මල් නෙළීම සඳහා ගමේ බාල මහලු, තරුණ, වැඩිහිටි 20-25ක පමණ පිරිසක් සිය ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව සිය කාලය, ශ්‍රමය කැප කරමින් මෙම දාස්පෙතියා මල් වගාවට සම්බන්ධ වී නොමිලේ වැඩකටයුතු කිරීම විශේෂත්වයකි.
මීට අමතරට වගාවේ වල් බිහි වූ පසු ඒවා මර්දනය කිරීම සඳහා ද ඔවුහු ස්වේච්ඡාවෙන්ම පැමිණ උදළුගෑම සිදු කරති.
මෙම දාස්පෙතියා මල් වගාවේ මල්වලින් ඉදිරියේ දී දාස්පෙතියා මලින් නිර්මාණය කළ මල් මාලාවකින් රුවන්වැලි සෑරදුන් සරසා පූජා කිරීම මීළග අරමුණ බව එච්. එම්. සාගර පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart