December 27, 2023

ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ ගනුදෙනුවට සම්බන්ධ ඖෂධ සමාගමේ හිමිකරු ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඊයේ පැය හතහමාරක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

පෙරවරු 9.00 සිට පස්වරු 4.15 දක්වා ඇමැතිවරයාගේ නිවසේදී මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

42.31%
17.27%
32.76%