October 27, 2023

කෙහෙළිය රඹුක්වැල්ල හැර වෙනත් ඕනෑම අයකු සෞඛ්‍ය ඇමැති ධූරය භාරගැනීමට සුදුසු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ, වෛද්‍ය රමේෂ් පතිරණ ය.

මහින්ද අමරවීර, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේම ඇමැති ධූර වෙනස් වූ අතර, එම කැබිනට් සංශෝධනය පසුගිය ඔක්තෝබර් 23 සඳුදා සිදුවිය.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය පාලන සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඔහු ඉල්ලා අස්විය යුතු බවට පුලුල්ව ප්‍රචාරය විය.

පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් පවා ඉදිරිපත් කළ නමුත්, අවසානයේ පාලක පොදුජන පෙරමුණ විසින් එය පරාජයට පත්කරන ලද්දේ, ඔහුට තම තනතුර රැක ගැනීමට ඉඩ සලසමිනි.

42.31%
17.27%
32.76%