September 12, 2024

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය.

රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ඔහුව මුදාහැර ඇත.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනමක්ද මහේස්ත්‍රාත්වරයා විසින් පනවනු ලබා තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙම වසරේ පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.