September 4, 2024

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල් වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල්තැබීය.

‍ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කර තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.

එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල අද (04) නිවේදනය කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , මලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ඇතුලු පාර්ශ්ව කිහිපයක් නම් කර ඇත.