Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බිත්තර වී ලබා ගැනීම සඳහා අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්‍රදේශවල කීරි සම්බා හෙවත් බීජී 360 වී ප්‍රභේදය අක්කර 500ක් වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය හෙට (01) සිට ආරම්භ කිරීමට නියමිතය.
යල කන්නයේ කීරි සම්බා වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය බීජ නොමිලේ ගොවීන් වෙත බෙදාදීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්සේදී සිදු විය.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ ද සහභාගි විය.
මේ වසරේ එම ප්‍රදේශවල කීරි සම්බා අක්කර 500ක් වගා කිරීමට නියමිත අතර දැනට මෙරට කීරි සම්බා බිත්තර වී හිඟයක් පවතින බැවින් මෙම අක්කර 500ක වගාවෙන් ලැබෙන මුළු අස්වැන්නම බිත්තර වී සඳහා යොදා ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ ගොවීන් 200 දෙනෙකු සඳහා අක්කරයකට කීරි සම්බා බිත්තර වී කිලෝග්‍රෑම් 25 බැගින් බෙදා දීමට පියවර ගැනිණි.
මේ වන විට රතු වී වර්ග බොහොමයක් දකුණු පළාතේ වගා කෙරෙන නිසා රතු වී විශාල අස්වැන්නක් දැනටමත් ලැබී තිබේ.
නමුත් පසුගිය මහ කන්නයේ දී මැටිගත්වෙල ප්‍රදේශයේ අක්කර 100ක කීරි සම්බා වගා කර විශාල අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන්ට හැකි විය.
පසුගිය මහ කන්නයේ වී මිලදී ගැනීම් ආරම්භයේ සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති මුළු වීවලින් සියයට 98ක්ම රතු නාඩු සහල් වේ.
මේ හේතුවෙන් රතු නාඩු සහල් වගාව අවම කිරීමටත් කීරි සම්බා ඇතුළු සම්බා සහල් වගාව ව්‍යාප්ත කිරීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීම මත මෙතෙක් දකුණු පළාතේ මෙතෙක් වගා නොකළ වී ප්‍රභේදයක් ලෙස කීරි සම්බා වගාව ප්‍රථම වරට ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.
“මේ අවුරුද්දෙත් පිටරටින් සහල් ගේන්න ඕන නැහැ. අපේ ගොවීන් රටේ ජනතාවට කන්න තරම් සහල් නිෂ්පාදනය කර තිබෙනවා. ඒකයි අපි මිනිස්සුන්ට කියන්නේ බය නැතුව බත් කන්න කියලා. නුදුරු අනාගතයේ දී සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. අනික මේ දකුණු ආසියාතික කලාපයේ හොඳම සහල් තියෙන්නේ අපේ රටේ. අනෙකුත් රටවල් හා සසඳන විට වී වගාවට අපි අවම වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ. ඒ වගේම අපේ රටේ ගොවි ජනතාව ඩොලර් විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කර තිබෙනවා. දැන් අපේ රට සහලින් ස්වයංපෝෂිතයි. මීළඟට අපට අවශ්‍ය වන්නේ ළූණු, මිරිස්, බඩඉරිඟු, අර්තාපල් ආදියෙන් ස්වයංපෝෂිත වීමටයි. අපි දැන් ඒ සඳහා වැඩසටහන් සකස් කර තිබෙනවා.” මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේය.
“වෙළෙඳපොළේ බිත්තර සහ එළවළු මිල අඩුවී තිබෙනවා. පහුගිය දවස්වල කැරට් රුපියල් 3000ට ගියා කියලා කොළඹ නෝනලා කැරට් අරගෙන මගේ අමාත්‍යංශයට ආවා. ඔවුන් කිව්වේ කැරට් මිල ඉහළ මට්ටමක පවතින බවයි. දැන් මම ඒ කාන්තාවට කියනවා. දැන් එළවළු මිල අඩුයි. බය නැතුව දැන් ඇති තරම් කන්න. අනික මිල වැඩි වෙනකොට කැරට් අල උස්සගෙන ගියා වගේ දැන් මිල අඩුවෙලා, ඇවිත් මට ස්තුති කරන්න. මෑත කාලයේ කීරි සම්බා වගාව අඩු වුණා. මේ නිසා වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් ඇති වුණා. පසුගිය කන්නයේ අපි හෙක්ටයාර 80,000ක පමණ කීරි සම්බා වගා කළා. එමෙන්ම ප්‍රථම වරට දකුණු පළාතේ හම්බන්තොට මැටිගත්වෙල ප්‍රදේශයේ අක්කර 100ක කීරි සම්බා වගා කළා. එය ඉතා සාර්ථක වුණා. ඒ නිසා අපි දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කීරි සම්බා වගාව ව්‍යාප්ත කිරීම ආරම්භ කර තිබෙනවා,” යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart