Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට ස්ථාන මාරුවීමක් ලබාදුන්නද තවමත් ඔහු සමග කටයුතු කළ නිලධාරී මණ්ඩලය සෞඛ්‍ය අංශයේ සේවය කරන අතර, ඔවුන් කෙරෙහි වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ගනු ලබන තිරණය පිළිබදව අවධානයෙන් බලාසිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ, ඹෟෂධ ගෙන්වීම ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්රයේ වාර්තාවන අක්‍රමිකතා සහ වංචාවන් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි.
”ඇමැතිවරයාගේ අමාත්‍යංශය මාරුවුණාට ඇමැතිවරයාගේ නිළධාරීන් ටික ඒ පුටුවල ඒ විදියට ම ඉන්නවා. අපි අහනවා වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් මේ අයට විරුද්ධව කොහොමද ඔබ නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ. මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ඔබට කරන්න පුළුවන් ද? ඔය දූෂිත චෝදනා සහිත නිළධාරීන් ඔය පුටුවල තියාගෙන. කැලේ මැරු කරල තියෙනවා. හැබැයි කොටියගේ පුල්ලි මාරු වෙලා නෑ. කැලේ මාරුවුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.” යනුවෙන් ඔහු එහිදී සඳහන් කළේය.
හිටපු ඇමැති කෙහෙළියගේ වගකීම යටතේ පැවැති සෞඛ්‍ය අමාත්‍යංශයේ, ඉහළ නිළධාරීන් දූෂණ, වංචා, සොරකම් සිදුකරන විට පහළ මට්ටමේ අයත් එවැනි ක්‍රියාවල නියැලෙන බව හා ජනතා බදු මුදල් මෙසේ අවභාවිතා කරන බව ඔහු පෙන්වා දුන්නේය.
” වෛද්‍යවරුන්ට රුපියල් 30,000ක ගමන් ගාස්තුව දෙන්න බැරුව ආණ්ඩුව තටමනකොට, ආණ්ඩුව හැත්තෑපන් ලක්ෂයක් දීලා බෝනස් ” යනුවෙනි.
මෙහිදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පිළිබද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පවසන් ලද්දේ, ” මම කණගාටු වෙනවා මෙතුමිය අපි ජාතික ලයිස්තුවෙන් ගැනීම සම්බන්ධයෙන්. මේ පිලිබඳ පරීක්ෂණ සිදුවෙනවා. ඒ ගැන අපි පූර්ව නිගමන දීමට අවශ්‍ය නෑ. එතුමිය පිළිබද අපේ පක්ෂය නීතිමය කටයුතු අරගෙන තියෙනවා. මේ වන විට උසාවියේ එතුමිය පිළිබද නඩුවක් විභාග වෙනවා. විශේෂයෙන්ම එතුමිය ශ්‍රී ලාංකීය කාන්තාවක් ද, එහෙම නැත්නම් එංගලන්ත පුරවැසිභාවයක් තියෙන කෙනෙක් ද, ද්විත්ව පුරවැසිභාවයක් නැතුව එංගලන්ත පුරවැසිභාවය පමණක් තියෙන කෙනෙක් ද? එහෙම වුණොත් ඒකත් ඉතිහාසගත වෙනවා ශ්‍රී ලාංකා පාර්ලෙමේන්තුව නියෝජනය කළ එකම විදේශීය කාන්තාව බවට ඇය පත්වෙනවා” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart