September 20, 2024

තමාට අපහාස කළ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා නමුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ මණ්ඩලයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න ප්‍රකාශ පවසයි.

ඔහු ඉල්ලා අස්වන්නේ විශේෂ නීතීඥ කමිටුවක් ලබා දුන් වාර්තාවක් මතය.

“මා විසින් මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බව පවසමින් මගේ නමට අපහාස කළ ප්‍රකාශන කිහිපයක් තිබෙනවා, එබැවින් මම ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීමට පසු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කළ The Morning කළ විමසීමකට පිළිතුරු දෙමින් නවරත්න ප්‍රකාශ කර ඇත.

“කෙසේවෙතත්, ඔවුන් මතයක් පමණක් ප්‍රකාශ කර ඇති බැවින් මම නීතිඥ මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. මේ කාරණය සම්බන්ධයෙන් මට මගේම මතයක් තිබිය හැකි ආකාරයටම ඔවුන්ට ඔවුන්ගේම මතයක් තිබිය හැකිය.” යනුවෙන් ඔහු පවසා ඇත.

කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වූයේ ඉල්ලා අස්වන ලෙස නීතිඥ කවුන්සිලය ඒකමතිකව කළ දැනුම්දීමත් අනුවය.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ඇති කර ගත් ගිවිසුමක් පිළිබඳ සොයා බැලීම සඳහා මැයි මාසයේදී නීතිඥ කවුන්සිලය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබිණි.

විශේෂ කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක නිගමනය වූයේ නවරත්න සම්පත් දායකයන් තෝරා ගැනීමේදී සහ ඔහුගේ ගිවිසුම් සබඳතා සම්බන්ධයෙන් ජයිකා ආයතනය සමඟ කළ ගනුදෙනුවල විනිවිදභාවයේ අඩුවක් පෙන්නුම් කර ඇති බවයි.

තමාට එරෙහි චෝදනා දේශපාලන අරමුණක් මත එල්ල වූ ඒවා බවත්, තමාට චෝදනා කරන අයට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් අරමුදල් සපයන බවත් නවරත්න කියා සිටියේය.

මැතිවරණයක් ආසන්න මොහොතක තමාට චෝදනා එල්ල වූ බව ඔහු සඳහන් කර තිබිණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඔවුන්ගේ තීරණවල දේශපාලන අභිප්‍රායන් පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නවරත්න JICA ගනුදෙනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් ඔහු එය කිරීමට අපොහොසත් වූ බව ද ඔවුන් පෙන්වාදී ඇත.