December 8, 2023

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක මුදලකට එහි ආරක්ෂක අංශයේ නිලධාරින් පිරිසක් විසින් ලබාදෙන බව වාර්තා වෙි.

පොලිස් වාර්තා හෝ නිශ්කාශන වාර්තා නොමැතිව ගුවන් තොටුපලේ සේවය කිරීම සදහා මාසික බලපත්‍ර ලබාදෙන අතර එම සහතික නොමැතිව සේවයට පැමිණෙන සේවකයින්ගෙන් රුපියල් දෙදහසක මුදලක් ලබාගෙන අවසර පත්‍ර ලබාදෙන බව පැවැසේ.

ගුවන් තොටුපළ සංවර්ධනය සදහා කටයුතු කරන ප්‍රධාන සමාගමේ සහ එහි උප ව්‍යපෘතිවල සේවය කරනු ලබන සේවකයන්ගෙන් මෙසේ බලපත්‍ර ලබාදීමට මුදල් ලබාගනියි.

එසේ බලපත්‍ර ලබාගන්නා සේවකයන්ට ගුවන් තොටුපලේ ඉතා සංවේදි කළාප වන ගුවන්පථයට පවා මෙමගින් ඇතුළුවිය හැකි බව එහි සේවකයෝ පවසති.

ආරක්ෂක අංශයේ ප්‍රධානියකු මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරන අතර, ඔහුගේ කටුනායක පිහිටි ලංකා බැංකුවේ ගිණුමකට මුදල් ගිණුම්ගත කළ පසු සෙසු ආරක්ෂක නිලධාරින්ට එම මුදල් බෙදාදෙන බව සදහන් වේ.

එසේ නිකුත් කරන සහතිකය මාසයක් ඉක්ම ගිය පසු අලුත් කිරිමට නැවතත් රුපියල් දෙදහසක මුදලක් ලබා ගන්නා බව වාර්තා අනාවරණය කරයි.

මෙම අවසර පත්‍රය උපයෝගි කරගෙන ඕනෑම ත්‍රස්තවාදියකුට හෝ අපරාධකරුවකුට ගුවන් තොටුපළේ සංවේදි කළාපයන්ට ඇතුළුවිය හැකි බව සේවකයෝ පවසති.

42.31%
17.27%
32.76%