February 7, 2025

ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහ දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙනතුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.

කතරගම මහ දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිය විසින් අපලයකට බාර කළ රන් තැටියක් අතුරුදන්වීම ඇතුළු චෝදනාවට ලක් වූ රුහුණු කතරගම මහ දේවාලයේ හිටපු ප්‍රධාන කපු සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල්කර ගනිමින් ජනාධිපති කාර්යාලය කළ දැනුම් දීමකට අනුව විගණන නිලධාර්න් එහි පැමිණි බව අනාවරණය වේ.

විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාර්න් කණ්ඩායමක් එහි පැමිණ පෙරේදා (05දා) පස්වරුව වනතුරු විගණන කටයුතු පවත්වා තිබිණි.(මව්බිම)

42.31%
17.27%
32.76%