March 12, 2025

කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසයි.

නීතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර හා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා හා ඊයේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.

මීට අමතරව එම නිවස ඉදිකිරිමේදී විවිධ අවසර ලබාගත් කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන මෙන්ම කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි.

එම සියලු ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරනු ඇත.