Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පාරිම්පරික කුරුඳු කාර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් 19 වැනි වතාවටත් සංවිධානය කළ කුරුඳු මංගල්‍යය මෙවර ද පැවැත් විණි.
මෙයට සමාගාමීව වාර්ෂිකව පවත්වනු ලබන නැවුම් කුරුඳු මංගල්‍යය පසුගිය 21 වැනි දින උදෑසන දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර සහ වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන අයගේ ප්‍රධානත්වයෙන් සීනිගම දේවාලයේ දී පැවැත්විණි.
19 වැනි වරටත් පැවැත්වුණු මෙම කුරුඳු මංගල්‍යය 2006 වසරේදී ආරම්භ විය.
2004 වසරේ දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි ව්‍යාවසනයෙන් කුරුඳු වගාවට සිදුකළ අයට එල්ලවූ බලපෑම් සහ ඉන් මියගිය කුරුඳු කර්මාන්තයේ නිරත වූ අය සිහිපත් කරමින්, මින් ඉදිරියට කුරුඳු වගාවටත් ලක්වැසියන්ටත් මෙවැනි විපතක් ඇති නොවේවා යන ප්‍රාර්ථනය පෙරදැරි කොට ගෙන, වගා කටයුතු ආරම්භ කර එහි ඵළදාව දෙවොල් දෙවියන්ට පූජා කර ආශිර්වාද ලබාගැනීමට එහි නියුතු පිරිස් විසින් 2006 වසරේ කටයුතු කෙරිණි.
ඉන්පසුව සෑම වසරකදීම කුරුඳු අස්වැන්නේ අග්‍රඵළය ගෙනැවිත් දෙවියන්ට පූජා කර ආශිර්වාද ලබා ගැනීම උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
මෙවරද තම අස්වැන්න පෙරහැරින් දේවාලය වෙත ගෙනැවිත් විශේෂයෙන් තනන ලද මණ්ඩපයක එය තැන්පත් කර දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන කුරුඳු වගාවේ සහ කුරුඳු ආශ්‍රිත නිශ්පාදන වෙළඳපොළට යැවීමේ කටයුතු ඇතුළු සියළු ක්‍රියාකාරකම් සඳහා ආශිර්වාද ලබාගැණිනි.
හික්කඩුව සංචාරක පුරවරයට පැමිණෙන විදේශ සංචාරකයන්ද මෙම සුවිශේෂී අවස්ථාව දැකබලා ගැනීම සඳහා එක්ව සිටි අතර, වගාකරුවන් හා මෙම කර්මාන්තයේ නියැලෙන අයද මීට එක්වූයේ ලංකාවේ කුරුඳු සඳහා විදේශිකයින් හරහා ප්‍රචාරණයක් හා ඉල්ලුමක් ලබාගැනීමටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart