March 23, 2025

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර අලුතින් පිහිටුවන ලද නැගෙනහිර දෙමළ සන්ධානයට එක්වී තිබේ.

නැගෙනහිර පළාතේ මැතිවරණයට තරඟ කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්ද්‍රන් විසින් මෙම සන්ධානය මෑතකදී දියත් කරන ලදී.

විනයාගමූර්ති මුරලිදරන් සන්ධානයට ඇතුළත් කිරීම තහවුරු කරන ගිවිසුමක් ඊයේ (22) මඩකලපුවේ පෞද්ගලික හෝටලයකදී අත්සන් කරන ලදී.