November 9, 2023

සමාජ සාධාරණත්වය පිළිබඳ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ඊයේ යළි අවධාරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය අවධාරණය කරන්නේ, විධායක ජනාධිපති ක්‍රමය කඩිනමින් අහෝසි කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩිව පෙනීසිටි අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් පෙන්වාදුන් මාවතට සමගාමීව කටයුතු කළ යුතු බවත්ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහතික කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ඔහු රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

“අපි රජයට අවධාරණය කරනවා ඉදිරි ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස. ඊට කාලය සම්බන්ධ බාධාවක් ඇත්නම් 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණය මෙරට අවසන් ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා” යැයි ඔහු නිකුත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

හිටපු කතානායකවරයා මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සමීපව කටයුතු කරමින් සිටී.

42.31%
17.27%
32.76%