December 21, 2023

IPL වෙන්දේසි ක්‍රමයේ ඇති හිඩැස් විදේශීය ක්‍රීඩකයන් විසින් “යහපත් නොවන” අයුරින් ප්‍රයෝජනයට ගැනීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් විවේචනය කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, ඇතැම් ක්‍රීඩකයන් අති විශාල මුදලක් ලබාදෙමින් මිලදී ගැනීම මෙම වෙන්දේසියේ විකෘතියක් බවයි.

Cricbuzzහි වීඩියෝ පටයකට එක්වෙමින් ඔහු විසඳුමක් ලෙස යෝජනා කරන්නේ වෙන්දේසියට ඇතුළුවන ක්‍රීඩකයන්ගේ සහ කණ්ඩායමේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයාගේ ගෙවීම් සීමා කළයුතු අතර, වෙන්දේසියේදී ඉතිඅන ඕනෑම අතිරික්ත මුදලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ආපසු ලබාදිය යුතු බවයි.

කාර්තික් විශ්වාස කරන්නේ මෙම පියවර විසින් ක්‍රියාවලියට යම් මට්ටමක සාධාරණත්වයක් සහ සිහිකැඳවීමක් ගෙන එනු ඇති බවයි.

“වෙන්දේසිය අනිවාර්යයෙන්ම ක්‍රීඩකයන් සහ නියෝජිතයන් විසින් ඉතා පැහැදිලිව භාවිත කරනවා,එහිදී හිස්තැන් පුරවන්න විකාර සහගත අසා නැති මිල ගණන්වලට යොමුවෙන්නේ. මේ නිසා ක්‍රීඩක මිල ගණන් අහස උසට යනවා.”යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

කාර්තික් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු ද වන අතර IPLහි ඔහු නියෝජනය කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.