March 28, 2025

එල්.ටී.ටී.ඊ.යට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුම්වලදී සිදුවූ බවට චෝදනා එල්ල වන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් තමන්ට සහ තවත් කිහිපදෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය රජය පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු පවසන්නේ, එම සම්බාධක කිසිදු විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් මත පදනම් නොවන බව සහ එය ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවන් ඉටුකළ අය ඉලක්ක කරගනිමින් අන්තර්ජාතික ප්‍රජාව වෙතින් එල්වන පීඩනය පිළිබිඹු කරන බවයි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදීන් විසින් වටළනු ලැබ තිබියදීත්, එල්ටීටීඊය විසින් සිදුකරන ලද සාහසික ක්‍රියා නොසළකා හැර ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළ විදේශීය පාර්ශ්ව දැන් සම්බාධක පනවා ඇති බව ද හිටපු නාවික හමුදාපතිවරයා පවසයි.