Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවූ පාතාලයේ ඝාතනයක් බවට පොලිසිය සැකකරයි.
මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඔහුට පැමිණි තර්ජනයක ප්‍රතිඵලයක් බව සැකකරන්නේ යැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරන රොෂාන් කුමාර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන නිලධාරියෙක් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව විශාල බව ද අනාවරණය වී තිබේ. රොෂාන් කුමාර වෘත්තිය වෙනුවෙන් දැඩිව කැපවී කටයුතු කරන නිලධාරියෙක් බැවින් ඔහු යටතේ සිටින නිලධාරියකුට පවා යම් වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ නොලැබෙන බව ද විමර්ශනවලින් පෙනීගොස් තිබේ.
මුහුණු ආවරණය කර ගත් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානාච්චිට (51) ඊයේ (26) පෙරවරු 6.50ට පමණ මි.මී.09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබිණි.
එම පුද්ගලයා විසින් රොෂාන්ට ගිනි අවියකින් වෙඩි හතරක් තබා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
දරු තිදෙනකුගේ පියකු වන ඔහු තම බාල පුතනුවන් ඊයේ දින පාසලට භාරදීමට නියමිතව සිටි අතර දරුවාගේ ඇඳුමේ පැළඳීම සඳහා පරිගණකයෙන් (නේම්ටැග්) නාමපුවරුවක් සකස් කරමින් සිටිය දී මෙසේ වෙඩිතබා නිවස තුළම ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. යතුරුපැදියකින් වෙඩික්කරු පැමිණ ඇති බව පොලිසිය කියයි. යතුරුපැදිය නිවස ආසන්නයේ නතර කොට වෙඩික්කරු නිවසට පැමිණ වෙඩිතබා පලා ගොස් තිබේ. ඔහු සමඟ තවත් පුද්ගලයකු පැමිණ ඇති අතර ඔහු පැදිකරු වේ.
මෑතක දී රොෂාන් බහුජාතික සමාගමක ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් විමර්ශනයක නිරතව සිට ඇති බවට තොරතුරු ද ඇතැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන්ද විමර්ශනවල දී විශේෂ අවධානයක් යොමුකරන බව එම නිලධාරියා කීය. මෑත කාලයේ රොෂාන් කුමාරගේ මෙහෙයවීමෙන් සිදුකළ වැටළීම් සහ නඩු සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් විමර්ශනවලින් යොමුකර ඇත. දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.
ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම සිද්ධිය වූ ඔහුගේ නිවසට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මළ සිරුර මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මේ වන විට ඇල්පිටිය, කරන්දෙණිය, අම්බලංගොඩ ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart