
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ජාතික රෝහලේ වකුගඩු ගල් කුඩුකිරීමේ යන්ත්‍රය මාස 18ක සිට සේවා බිඳවැටීමට ලක්වීමෙන් රෝගීන් 3500කට අධික පිරිසක් පොරොත්තු ලේඛනයේ සිරව ඇතැයි වාර්තා වේ.
යන්ත්‍රය නැවත යථාවත් කළ නොහැකි බවට අදාළ සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර රෝහලේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් ප්‍රතිපාදන යටතේ නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් කටයුතු සිදුකර ඇත.
එම ඇණවුම ලබාගත් සමාගම 2024 දෙසැම්බර් මාසය වන විට අදාළ යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එසේවුවත් එම යන්ත්‍රය මේ වන තුරු මහනුවර ජාතික රෝහල තුළ ස්ථාපනය නොකිරීම හේතුවෙන් මෙලෙස රෝගීන් විශාල අපහසුතාවයන්ට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
අදාළ ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 1.5කට ආසන්න මුදලක් වැයකිරීමට එක් රෝගියකුට සිදුව තිබේ.
මේ වන විට රජයේ රෝහල් පද්ධතිය තුළ වකුගඩු ගල් කුඩුකිරීමේ ප්‍රතිකාර සිදුකරනු ලබන ක්‍රියාත්මක තත්ත්වයේ පවතින යන්ත්‍ර පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ ගාල්ල ජාතික රෝහල තුළ පමණකි.
ලක්ෂ 2400ට අධික මුදලක් වැයකර මහනුවර ජාතික රෝහලට මිලදී ගෙන ඇති යන්ත්‍රය මේ වන තෙක් ස්ථාපිත නොකිරීම පිළිබඳව සොයා බලා ඉක්මණින් විසඳුම් ලබාදෙන ලෙස රෝගීහු සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart