November 2, 2024

මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්, හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තෙට අයත් බව පැවසුණු ජීප් රථය ගාල­තැන්න ප්‍රදේ­ශයේ දේවා­ල­යක් පව­ත්වා­ගෙන ගිය කපු­ව­කුගේ පුතකු විසින් භාවිත කරන ලද්දක් බව ‘දිනමිණ’ අනාවරණය කරයි.

එම තොරතුරුවලට අනුව, පොලිසිය විසින් වාහනය පරික්ෂා කිරීමේදී, එහි සිටියවුන් පවසා ඇත්තේ, ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයකු විසින් මෙම වාහනය එම ස්ථානයට ගෙනවිත් දමාගොස් ඇති බවය.

එම වාර්තාව මෙසේය.

‘කාල­යක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසි­ද්ධි­යට පත්වූ ගාල­තැන්න ප්‍රදේ­ශයේ දේවා­ල­යක් පව­ත්වා­ගෙන ගිය කපු­වෙ­කුගේ පුතෙකු සතුව තිබුණු ව්‍යාජ අංක තහ­ඩු­වක් සවි­ කළ මොන්ටෙරෝ වර්ගයේ සුඛෝ­ප­භෝගී ජීප් රථ­යක් තෙල්දෙ­ණිය පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. දිගන පදිං­චි­ක­රු­වෙක් වන මෙම පුද්ග­ලයා සතුව කොටස් එක­ලස් කරන ලද නීති විරෝධි ජීප් රථ­යක් ඇති බවට 1997 දුර­ක­තන අංක­යට ලද තොර­තු­ර­කට අනුව පොලි­සිය පසු­ගිය 30 වැනිදා නිවෙසට ගොස් කළ පරී­ක්ෂා­වේදී මෙම වාහ­නය හමුවී තිබේ.

වාහ­නයේ ලියා­ප­දිංචි තොර­තුරු කිසි­වක් සැක­කරු සතුව තිබී නැත. ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ පසු­ගිය දා වෙඩි තබා­ගෙන මිය­ගිය රාජ්‍ය ඇමැති ලේක­ම්ව­රයා වාහ­නය සිය ගෙව­ත්තට සති තුන­කට පමණ පෙර ගෙන­විත් දැමූ බවය.

මේ සම්බ­න්ධ­යෙන් පොලි­සිය කළ දීර්ඝ විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ මෙම රථය කපුවා සහ ඔහුගේ පුතා පරි­හ­ර­ණය කර ඇති එකක් බවය. කපු­වාට අයත් බව කියන වාහන අංග­ණ­යක් ඇති බවත් ඒම අංග­ණයේ ඉඩ­කඩ ප්‍රමා­ණ­වත් නොවූ තැන පුතාගේ නිවෙස පිහිටි ගෙව­ත්තට මෙම වාහ­නය රැගෙ­න­විත් දමා තිබී ඇති බවත් විම­ර්ශ­න­යේදී පෙනී ගොස් තිබේ. කපු­වාට අයත් වාහන අංග­ණයේ කොටස් එක­ලස් කර ඇති නීති විරෝධී වාහන ඇති බවට සැක­ක­රන තොර­තුරු රැසක් පොලි­සි­යට ලැබී ඇති බැවින් ඒම වාහන අංග­ණය පරීක්ෂා කිරී­මට පොලිස් කණ්ඩා­ය­මක් ඊයේ සූදා­න­මින් සිටි­යහ. ‍‍

මෙම වාහ­නය පරීක්ෂා කිරී­මේදී 2022 වසරේ ගෙවූ විදුලි බිලක් මෝටර් රථයේ තිබී හමුවී ඇත. එම බිල සැක­ක­රුගේ නිවෙසේ විදුලි බිලක් බව අනා­ව­ර­ණය වී තිබේ. ජීප් රථය වසර කිහි­ප­යක් තිස්සේම පරි­හ­ර­ණය කර ඇත්තේ මෙම සැක­කරු බව­ටද තොර­තුරු විම­ර්ශ­නයේ දී පොලි­සි­යට ලැබී තිබේ. වාහ­නය පිරි­සිදු කිරී­මට සේවා සප­යන ආය­ත­න­ව­ලට ලබා දී ඇත්තේ ද කපු පවුලේ උද­විය බවට තොර­තු­රුද පොලි­සි­යට ලැබී ඇත.

අංක තහ­ඩුව ගැන සොයාබැලීමේ දී අනා­ව­ර­ණය වී ඇත්තේ මහ­නු­වර පුද්ග­ල­ය­කුගේ වාහ­න­ය­කට මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ල­යෙන් නිකුත් කර ඇති අංක­යක් සවි­ක­ර­ගෙන මෙම වාහ­නය ධාව­නය කර ඇති බවය.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාව සිටි­යදී ප්‍රභූ­ව­ර­යෙක් ගම­න්ක­රන ආකා­ර­යට ජනා­ධි­ප­ති­ව­රයා ගමන් කළ වාහ­න­යට වෙට්ටු දමා ලයිට්ද දමා­ගෙන ගමන් කළ මෙම වාහ­නය එකල මහ­නු­ව­රදී අත්අ­ඩං­ගු­ව­ටද ගෙන ඇත. එහි­දීද පරීක්ෂා කිරී­මේදී හෙළිවී තිබුණේ හොර රහසේ මෙර­ටට ගෙන්වා ඇති වාහ­න­යක් බවය. මෙම වාහ­නය සම්බ­න්ධ­යෙන් විශේෂ විම­ර්ශ­න­යක්ද සිදු­කර ඇති අතර පසුව අධි­ක­ර­ණ­යෙන් එම වාහ­න­යත් ඔවු­න්ටම අයත් තවත් වාහ­න­යක් සමඟ මුදා මැරතිබේ. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට එරෙ­හිව පොලි­සිය අධි­ක­රණ සේවා කොමි­ෂන් සභා­ව­ටද දැනු­ම්දී­මක් කර තිබී ඇත. ඊට මුල්වී ඇත්තේ යම් අක්‍ර­මි­ක­තා­වක් සිදුව ඇති බව යැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

නැව­තත් පොලි­සි­යට වෙනත් අංක­ය­කින් හමුවී ඇත්තේ ඒම වාහ­නය බව ද එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

ඒ අනුව කපුවා සහ ඔහුගේ පුතා සම්බ­න්ධ­යෙන් අවශ්‍ය නීති­මය උප­දෙස් ලැබුණු පසු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරන බවද ඒම නිල­ධා­රියා පැව­සීය.

වාහ­නය මෝටර් රථ පරී­ක්ෂ­ක­ව­ර­යා­ටත් රස පරී­ක්ෂ­ක­ව­ර­යා­ටත් ඉදි­රි­පත් කරන බව පොලි­සිය සඳ­හන් කළේය.’

42.31%
17.27%
32.76%