
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන දළදා වන්දනාව සඳහා ලක්ෂ ගණනක් බැතිමතුන් එක්රැස් වන බැවින්, නගරයේ කසළ ගැටලුවක් වර්ධනය වෙමින් පවතී.
දළදා මාළිගාව වටා ඇති වීදි කුණු කසළවලින් පිරී ගොස් ඇති අතර, පොලිතීන් බෑග්, ප්ලාස්ටික් බෝතල් සහ ආහාර දවටන මාර්ග දිගේ විසිරී ඇත.
ඇතැම් පිරිස්, වන්දනාකරුවන්ට ඉදිකර ඇති තාවකාලික වැසිකිළි වෙත නොගොස්, මාර්ග ආසන්නයේ ශරීරකෘත්‍යය සිදුකරන බවටද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
දිගු පෝලිම්වල රැඳී සිටින වන්දනාකරුවන් පවසන්නේ, තම කසළ බැහැර කිරීමට නිසි ස්ථාන නොමැති බවයි.
බොහෝ අය දිගු වේලාවක් බලා සිටීම සඳහා කෙටි කෑම, වතුර බෝතල් සහ වෙනත් ද්‍රව්‍ය ගෙන එන නමුත්, පෝලිමේ ඉදිරියට යන විට ඔවුන්ගේ තම අපද්‍රව්‍ය මාර්ගයේ අතහැර යන බව නගර සභා නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
“තත්වය නරක අතට හැරෙමින් පවතිනවා. මිනිසුන් පොලිතීන් බෑග් සහ ප්ලාස්ටික් බෝතල් පාරේ දමා යනවා. පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයට එය දරාගැනීමට අපහසුයි” යැයි එම නිලධාරියා තවදුරටත් පවසා තිබේ.
මෙම ප්‍රධාන ආගමික උත්සව අතරතුර සුන්දර නගරය කුණු කන්දක් බවට පත්වෙමින් පවතින බවට පදිංචිකරුවන් සහ පරිසර කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.
නගරය පිරිසිදුව තබාගැනීම සඳහා තවත් කසළ බඳුන් ලබාදෙන ලෙස සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර පවත්වන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.(මුලාශ්‍රය-Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart