Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කන්දකාඩු ඇතුළු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මින් ඉදිරියට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පමණක් භාරගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය තීරණය කර තිබේ.
එම කාර්යාංශය මෙම තීරණයට එළඹ ඇත්තේ කන්දකාඩු මධ්‍යස්ථානයේ පසුගිය මාස කිහිපය තුළ මතුවූ විනය සහ පාලන ගැටලු දාමයකින් පසුවය.
“යුක්තිය” මෙහෙයුම හරහා අත්අඩංගුවට ගත් සිය ගණනක් පසුගිය මාසවලදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළු රජයේ ආයතන වෙත යොමුකර තිබිණි.
එහෙත් පුනරුත්ථාපන නිලධාරීන් පැවසුවේ මෙම යොමුකිරීම් සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සළකා බැලීමක් ක්‍රියාත්මක වී නොමැති අතරඑම මධ්‍යස්ථාන වෙත “අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන්” පවා යොමුකර ඇති බවයි.
මෙය බරපතළ විනය සහ පාලන ගැටලු මෙන්ම ගැටුම් ඇති වීමට හේතු වූ අතර මෙම මධ්‍යස්ථානවල හමුදා කාර්ය මණ්ඩලයට පාලනය පවත්වා ගැනීමට පවා දුෂ්කර වී තිබිණි.
“කන්දකාඩු මධ්‍යස්ථානය ගැටුම්වලට ප්‍රසිද්ධ වුණා. මේ නිසා තම දරුවන් එහි යැවීමට දෙමාපියන් බිය වුණා,” යැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවසීය.
එම නිසා ඕනෑම පුද්ගලයකු අනතුරුදායක මත් ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන් පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරයකුට තොරතුරක් ලැබුණු විට මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන් පිළිබඳ (ප්‍රතිකාර හා පුනරුත්ථාපන) පනතේ විධිවිධාන දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය මත යැපෙන බව කියන පුද්ගලයාව රජයේ වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කරවා ගත යුතු අතර එවැනි පුද්ගලයකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ නොවන බව සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ප්‍රමාණය පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් වෛද්‍යවරයා විසින් පොලිසියට ඉදිරිපත් කළ යුතු වේ.
මෙම වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී තිබේ.
කෙසේවෙතත්, මෙම පියවර මේ දක්වා බොහෝ දුරට මඟ හැරී ඇත.
මේ අතර, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් “කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය” “නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය” ලෙස ගැසට් කර තිබේ.
රැකවරණය දීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස දැනට සේනපුර “නවෝදාව තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානය” නම් කර තිබේ.
මෙයින් අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට නවාතැන් ගැනීමට අමතර පහසුකම් දැන් ඇති බවයි.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිර්දේශය මත ඇමැතිවරයාට ඕනෑම ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීමට නීත්‍යනුකූලව බලය පැවරී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart