November 21, 2023

විදුලිබල මණ්ඩලය කොටස් ගණනාවකට කඩා පෞද්ගලීකරණය කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්විටර් (x) පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇතැයි ඇමැතිවරයා පවසයි.

නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පෞද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%