52%
18.9%
22.2%
August 18, 2024

2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය මාතර අකුරැස්සේදී සංවිධානය කළ 3 වැනි මැතිවරණ රැලියට එක්විය.

කරුණාදාස කොඩිතුවක්කු අවසන් වරට පැවති 2019 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයායි.

මේ අතර, අභාවප්‍රාප්ත හිටපු ඇමැති මංගල සමරවීරගේ ලේලිය වන චංචලා ගුණවර්ධන ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම සඳහා සමගි ජන බලවේගයට එක්වී තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඇය එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත් කර ඇත.

චංචලා මැසචුසෙට්ස් හි ක්ලාක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර එහිදී ඇය 2011 දී ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ 2012 දී වෘත්තීය සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

 

52%
18.9%
22.2%