January 11, 2024

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ඊයේ (10) හදිසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ, වර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ අභියෝග හා අවස්ථා මෙහිදී සාකච්ඡා කළ බව ඇය සඳහන් කළාය.

2024 දී එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතා සහ කලාපීය ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තානාපතිනිය පවසා ඇත.

රතු මුහුදේ එක්සත් ජනපදය විසින් දියත් කර ඇති හූති සටන්කරුවන්ට එරෙහි මෙහෙයුමට සහභාගී කරවීම සඳහා විශාල වියදමක් දරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් සූදානම් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

42.31%
17.27%
32.76%