October 30, 2024

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් විසින්, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) අරමුදල් සහිත McGovern-Dole International Food for Education and Child Nutrition වැඩසටහන ක්‍රියාත්මක කිරීම කොළඹ ප්‍රදේශයේ පාසල්වල ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කරන ලදී.

ඇයගේ සංචාරය අතරතුර, තානාපති චුන්ග් සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ පාසල් ආහාර සපයන්නන් හමු වූ අතර, මෙම වැඩසටහන දරුවන්ගේ සෞඛ්‍යයට සහ අධ්‍යයන සාර්ථකත්වයට ධනාත්මක ලෙස බලපාන ආකාරය සාකච්ඡා කර තිබේ.

තානාපති චුන්ග් එහිදී ප්‍රකාශ කර ඇත්තේ, “පෝෂ්‍යදායී ආහාර සැපයීම පමණක් නොව වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් ද නිර්මාණය කරන මුලපිරීම්වලට සහයෝගය දැක්වීම පිළිබඳව එක්සත් ජනපදය ආඩම්බර වේ. කොළඹ නාගරික පාසල්වල මෙම ආයෝජනය දරුවන්ට සහ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහයෝගයක් ගෙනඒම අරමුණු කරයි. එකට වැඩ කිරීමෙන්, අපි මෙම සිසුන් සඳහා ආයෝජනය කරමින්, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහ ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමට ඔවුන් සවිබල ගන්වමු.

දරුවන් සුරැකීම සඳහා ක්‍රියාත්මක කරන ලද USDA හි අධ්‍යාපනය සහ ළමා පෝෂණය සඳහා වන ආහාර වැඩසටහන, පාසල්වල දරුවන්ගේ කුසගින්න ආමන්ත්‍රණය කිරීම සහ අවදානමට ලක්විය හැකි නාගරික ප්‍රදේශවල අධ්‍යාපන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරයි.

මෙම වැඩසටහන් ඔස්සේ දිනපතා පාසල් ආහාර සැපයීම, ගුරුවරුන් පුහුණු කිරීම, සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රාදේශීය ප්‍රජාවන්ට පාසල් ඇතුළත් කිරීම සහ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සහාය වේ.

මෙම වැඩසටහන ජාතික පාසල් ආහාර වැඩසටහනට අතිරේකව කොළඹ පුරා පිහිටි පාසල් 44ක ප්‍රාථමික සිසුන් 16,231 දෙනකුට දෛනික ආහාර සැපයීමෙන් මෙම දරුවන්ට ඉගෙනීමට සහ දියුණු වීමට අවශ්‍ය පෝෂණය සහතික කරයි.

42.31%
17.27%
32.76%