October 17, 2024

කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Chung ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුව තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ඇමරිකානු තානාපතිවරිය පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ නියෝජිතයන් සුහද කතාබහක ද නිරතව තිබේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අදාළව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඇමෙරිකානු රජය සහ මෙරට ඇමරිකානු තානාපතිවරිය වෙත සිය කෘතඥතාව පළකර ඇති ආරක්‍ෂක ලේකම්වරයා, ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට තමා අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද, සිදුකර ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා, ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් Anthony Nelson සහ ඇමරිකානු ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී කමාන්ඩර් Sean Jin ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

42.31%
17.27%
32.76%