Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අරගලට පෙර පැවැති තත්වයටත් වඩා දරුණු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව පීඩා විඳින අතර, ලබන වසරේ වැට් බදු වැඩි කිරීමත් සමඟ එය තවත් උග්‍ර වන බවත් එක්සත් රාජධානියේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවැසීය.
එහෙත් එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් වර්තමානයේ රට තුළ සිදුවන සෑම දෙයක් පිළිබදවම සතුටු වන නිසා, කෙතරම් පීඩාවන් පැවැතියද රට තුළ නැවතත් අරගල ඇති නොවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා එහිදී මෙසේද පවසා ඇත.
“අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැන් පාරට බහින්නේ නෑ. යූ ටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කොතැනකවත් දක්නට නෑ. ඔවුන් සාදවල නටනවා. වැදගත් වන්නේ ජුලීගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වීම මිස ජනතාව පීඩනයට පත්වී සිටිනවාද යන්න නොවේ”
“දැන් තානාපති කාර්යාලයේ මැදිහත්වීමක් නැති නිසා අරගලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. එදා සමාජයේ ප්‍රශ්නයක්, පෝලිම්, පීඩනයක් තිබුණා ඒක සමහරු පාවිච්චි කළා. දැන් ජූලි සතුටුයි. ඇය කොළඹ විලාසිතා සංදර්ශනවලට සහභාගි වෙමින් කාර්යබහුලයි. රටේ අරගලයක් ඇතිවෙන්න විදිහක් නැහැ.” ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart