January 10, 2025

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග්, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

ජනවාරි 8 වන බදාදා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

වගවීම, යුක්තිය, සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය වැනි ක්ෂේත්‍රවලදී එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවට දිගටම සහාය විය හැකි ආකාරය පිළිබඳව රැස්වීමේදී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව කල් පවතින සමෘද්ධිය කරා යන මාවතට දායක වන සංවාදය පෝෂණය කිරීම සහ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම තානාපති චුන්ග් මෙහිදී අවධාරණය කර ඇත.

42.31%
17.27%
32.76%