Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රජය 2024 සඳහා වන තාවකාලික අයවැයෙන් රුපියල් බිලියන 11ක් වෙන්කර ඇත. එය එම මැතිවරණ පැවැත්වීමට රජය අදහස් කරන බවට සාධනීය ඉඟියකි. නියමිත වේලාවට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයකි. මෙය ප්‍රශ්න කරන ලද්දේ, මෙම වසර මුලදී පළාත් පාලන මැතිවරණය කල්දැමූ අවස්ථාවේදීය. පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අවස්ථා කිහිපයකදී කල්දැමූ අතර, දැන් එය අවලංගු කර ඇත. එම මැතිවරණය කවදා පැවැත්විය හැකිද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එම මුදල් වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වඩා හොඳින් වියදම් කළ හැකි බවත් යන පදනම මත එම මැතිවරණ පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුව සාධාරණීකරණය කළේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක්විය. මැතිවරණ සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රජය විසින් අවහිර නොකළ යුතු බවටත්, එම මුදල් මැතිවරණ පැවැත්වීම සඳහා නිදහස් කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මෙම අධිකරණ තීන්දුවට ගරු නොකර, ආණ්ඩුවේ මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවට බලය පවතින මුදල් ප්‍රශ්න ගැන අධිකරණයට තීරණය කළ නොහැකි බව පවසමින්, තීන්දුව ලබාදුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවන බවට තර්ජනය කළහ. ඔවුන් තර්ක කළේ, මැතිවරණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයට උපදෙස් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කඩ වී ඇති බව පවසමිනි. කෙසේවෙතත් එහිදී ජාතික හා අන්තර්ජාතික වශයෙන් කැළඹීමක් ඇති වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමේ ඔවුන්ගේ සැකකටයුතු සැලැස්ම ඉදිරියට ගෙන ගියේ නැත.
මැතිවරණවලට වඩා ආර්ථිකයට ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන් මැතිවරණ සඳහා ඇති අපේක්ෂාවන් අභියෝගාත්මකය. ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම සහ විදුලි බිල ඉහළ යෑමට නියමිතව තිබීමත් සමඟ ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබේ. ආර්ථිකය පෙරට වඩා අඩු වේගයකින් වුවද හැකිළෙමින් පවතී. අන්තර්ජාතික මූල්‍ය අරමුදල්(IMF) ආධාරයේ දෙවැනි වාරිකය ලබාගැනීමට ආණ්ඩුව අසමත්වීම ආර්ථිකයේ අවිනිශ්චිත තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමකි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය තවමත් සහතික වී නොමැති බව IMF පවසයි. විශේෂයෙන්ම, රජයේ ආදායම් උත්පාදනයේ ඇති විය හැකි දුර්වලතා හේතුවෙන්, අයවැය හිඟය අවම කරගැනීම සම්බන්ධයෙන් රජය තමන් වෙත ලබා දී ඇති ආර්ථික ඉලක්ක සපුරා ගෙන නොමැති බව ද IMF සඳහන් කර තිබේ. IMF පවසා ඇත්තේ, සිය ණය ලබාදීමේ වැඩසටහන යටතේ දෙවැනි වාරිකය නිකුත් කරනු ලබන්නේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමෙන් පසුව පමණක් බවත්, එය සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත කාලසීමාවක් සඳහන් කළ නොහැකි බවත්ය.
පාර්ලිමේන්තු වරප්‍රසාද
අවාසනාවකට, මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලට අභියෝග කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත්වීම හේතුවෙන්, එය වෙනත් ආකාරයක ප්‍රතිවිපාක ඇති කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විනිසුරුවන් තනි තනිව නම් කිරීම ඇතුළුව, අධිකරණය විවේචනය කිරීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කර ඇත. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල පරමාර්ථය වන්නේ, මහජනතාව විසින් තෝරා පත්කරන ලද නියෝජිතයන්ට, ජාතික අවශ්‍යතා වෙනුවෙන් සත්‍යය හෙළිකිරීමට හැකියාව ලබාදීමයි. එහෙත් මෙය විශේෂයෙන්, පුද්ගලයන්ට අපහාස කිරීමට භාවිත කරන්නේ නම්, එය ප්‍රවේශමින් භාවිත කළ යුතු බලයකි. පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳින පුද්ගලයන් විසින් එය ඉතා බලගතු වරප්‍රසාදයක් බව තේරුම්ගත යුතු අතර, එම වරප්‍රසාද සංයමයෙන් ක්‍රියාත්මක කළ යුතුය. ඒවා අපකීර්තියට පත්කරන්නේ නම්, එවිට වරප්‍රසාද අනිසි ලෙස භාවිත කෙරෙන අතර, වරප්‍රසාද විසින් ඉටුකරන කේන්ද්‍රීය භූමිකාව පිළිබඳ පුළුල් හැඳින්වීම අඩපණ කරනු ලබයි.
වාර්ගික හා ආගමික ගැටුම් සම්බන්ධ ආන්දෝලනාත්මක නඩු තීන්දු, තීරණ ගනිමින් සිටි විනිසුරුවරයකු ඉල්ලා අස්වී රට හැර යෑමට පවා තීරණය කරන තැනකට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මේ වනවිට පැමිණ තිබේ. එම නඩුවලදී අධිකරණය විසින් දෙන ලද තීන්දු රජයේ බලධාරීන් විසින් නොසළකා හැර ඇති බව පෙනේ. ලබාදුන් අධිකරණ තීන්දු පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අපහාසයට ලක්ව ඇත. ආන්දෝලනාත්මක කුරුන්තූර්මලෙයි (කුරුන්දි විහාරය) නඩුවේ තීන්දුව ලබාදුන් මුලතිව් දිසා විනිසුරු සරවනරාජා, එල්ල වූ තර්ජන සහ බලපෑම් හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකාවෙන් පළාගියේය. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපියක සඳහන් වුණු ආකාරයට, විනිසුරුවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට පවසා තිබුණේ තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම ආණ්ඩුවේ කටයුතු හේතුවෙන් තර්ජනයට ලක්ව සිටින ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණය කටයුතු කරමින් සිටින අවස්ථාවලදී, ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණයට එල්ල කරන මෙවැනි බලපෑම් පැහැදිලිවම පිළිගත නොහැකිය.
මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත (ATA) සහ මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් මහජන විරෝධය සහ විවේචන නිහඬ කිරීමට ආණ්ඩුව දරන ප්‍රයත්නයන් නිසා මේ වන විට රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ විරෝධතා පැවැත්වීම සඳහා ඇති ඉඩකඩ අනතුරට ලක්වෙමින් පවතී. “මහජනතාව හෝ මහජනතාවගෙන් කොටසක් බිය ගැන්වීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැකි මහජන විරෝධතා හෝ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යෝජිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත රජයට බලය ලබාදෙයි. ඔන්ලයින් ආරක්ෂණ පනත මගින්, අනෙකුත් අය අතර, “අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, තැතිගන්වන හෝ දුක්ඛිත ප්‍රකාශ නිසා සිදුවන හානියෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම” අපේක්ෂා කරයි. එමගින් ඕනෑම සමාජ මාධ්‍ය ගිණුමක් හෝ අන්තර්ජාල ප්‍රකාශනයක් තහනම් කිරීමට හෝ අත්හිටුවීමට හැකි වන පරිදි ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පංච පුද්ගල කොමිසමක් ස්ථාපිත කරනු ඇති අතර, අතිශයින් විෂයානුබද්ධ විය හැකි යැයි කියන වැරදි සඳහා සිරගතකිරීම් ද නිර්දේශ කරනු ඇත.
නැවත මැතිවරණ
සීමාකාරී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය දරන උත්සාහය හමුවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් සිදුකෙරෙමින් පවතී. ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත මාස හයකට පමණ පෙර කරළියට පැමිණි දා සිට විරුද්ධ දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධානවල විරෝධයට ලක්ව ඇත. ශ්‍රී ලංකා අපනයන සඳහා GSP + ප්ලස් බදු ප්‍රතිලාභය ලබාගැනීමේ අරමුණින්, මානව හිමිකම් හේතූන් මත යුරෝපා සංගමය විසින් පළකරන ලද විරෝධය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැඩිදියුණු කිරීමක් ලෙස පවසමින් ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කරන ලදී. මීට අමතරව, ආණ්ඩුවේ විනිවිදභාවයෙන් තොර හැසිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා, විස්මිත මෙවලමක් ලෙස මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ගෙන එයි. රට තුළ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය උග්‍රවීමත් සමඟ ආණ්ඩුව මෙම නීති ඉදිරියට ගෙනයෑමට අදිටන් කරගෙන සිටින බව පෙනීයයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී, කොන්ත්‍රාත්තු සහ ප්‍රසම්පාදන ක්‍රියාවලි යනාදිය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්නොකිරීම සහ බදු සහන හා ප්‍රතිලාභ ලබන අයට ඒවා ලබාදීමේ තාර්කිකත්වය පැහැදිලි කිරීමට නොහැකිවීම වැනි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විනිවිදභාවයේ අවශ්‍යතා බොහොමයක් සපුරාලීමට රජය අසමත් වීම, රජයේ කැපවීම කෙරෙහි විශ්වාසය නැතිවීමට හේතු වී තිබේ. දූෂණය ඉහවහා ගොස් තිබීමත්, නව විදේශ ආයෝජන ලබාගැනීමට නොහැකි වීමත් හේතුවෙන් රාජ්‍ය ආදායම කාන්දු වන බැවින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමට දුෂ්කර වී ඇති බවට පුළුල් විශ්වාසයක් පවතී. ජනතාවගේ විශ්වාසය දිනාගැනීමටත්, දරුණු ආර්ථික තත්ත්වයන්ට මුහුණදීමේදී, ජනතාව මුහුණදෙන දුෂ්කරතා සමනය කිරීමටත් අවශ්‍ය නම් රජය මෙම ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුය. විශේෂයෙන්ම රටට අවශ්‍ය නව නායකයන් ගෙන ඒමට හැකි මැතිවරණ පැවැත්විය යුතු අතර, වංක හෝ නීති විරෝධී ක්‍රියාවන් සිදුකෙරෙන පරිසරය පිරිසිදු කළ යුතුය.
2024 සඳහා වන තාවකාලික අයවැයෙන් ජනාධිපතිවරණ සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබියදීත්, අනාගතය සඳහා රජයේ සැලසුම් පිළිබඳ ප්‍රශ්න තවමත් පවතී. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා ඇත්තේ, පවතින ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ගවලට බාධාවක් වියහැකි බැවින් ජනාධිපතිවරණය කල්දැමීමට සිදුවිය හැකි බවයි. 2024 සඳහා තාවකාලික අයවැය රුපියල් බිලියන 3860 ක් වන අතර එයින් රුපියල් බිලියන 11ක් යනු කුඩා කොටසක් බව පෙනේ. කෙසේ වෙතත්, 2023 අයවැය රුපියල් බිලියන 3657 ක් වූ අතර, පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය වූ රුපියල් බිලියන 10ද එම අයවැයෙන් සුළු කොටසක් පමණක් විය. එහෙත් එම මැතිවරණය නොපවත්වන ලද අතර, ආණ්ඩුව තර්ක කළේ, මෙම මුදල් මැතිවරණවලට වඩා සංවර්ධනයට වියදම් කළ යතු බවටයි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මැතිවරණ කල්දැමීමේ ප්‍රශ්නයට නැවත වරක් මුහුණදීමට සිදුවනු ඇත්තේ ජනාධිපතිවරණයට සූදානම් වීමේදීය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සඳහා පාරට බසිනවාට වඩා අධිකරණය හොඳම විකල්පය වනු ඇත. එමනිසා අධිකරණය සහ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව හා ගෞරවාන්විතව තබාගත යුතුයි. යහපාලනය කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමට අධිකරණය දායක වන අතර, එමගින් සම්මුතියකින් තොරව සමාජ සාමය පවත්වාගෙන යෑමට දායකත්වය සැපයෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart