December 20, 2023

Mee Massoo යූටියුබ් නාලිකාවේ ජනමාධ්‍යවේදී කල්ප ගුණරත්න හෙට (21) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ, ඔහුට අයත් යූටියුබ් නාලිකාවේ විකාශය කරන ලද වැඩසටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.

එම වැඩසටහන හරහා අදහස් ඉදිරිපත් කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණට අපහාස කර ඇති බවට වන චෝදනාවකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වැඩසටහනේදී නාගානන්ද කොඩිතුවක්කු විසින්, ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්කිරීම නීතිවීරෝධී බව සඳහන් කරමින් ගොනුකර තිබු පෙත්සමකට අදාළව ලබාදුන් අධිකරණ තීන්දුවක් විවේචනය කර තිබූ බවත්, එමෙන්ම අධිකරණය සහ විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් කරුණු ඉදිරිපත් කර ඇති බවටත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව පැවැසේ.

අදාළ වැඩසටහන පහළින් ;

42.31%
17.27%
32.76%