April 9, 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ MBBS වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා මේ වසරේ සිට දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතය.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවසුවේ ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ‘Z’ ලකුණු මත පදනම්ව සිදු කෙරේ.

ඒ ගෙවීම් පදනම මතය.

ඇතුළත් කරගැනීමේ කටයුතු සඳහා අනෙකුත් සුදුසුකම් ද සළකා බැලීමට නියමිත බව ඇති බව ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

 

42.31%
17.27%
32.76%