September 17, 2024

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයන් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්, ඒ අනුව හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හිමිකර දීමට හැකියාව ලැබුණ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඒ අනුව, කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විවෘත වන බවත්, ඒ සදහා එන්.වී.ක්‍යු. 3 මට්ටමේ සහතිකයක් අවශ්‍ය බවත් ඔහු සදහන් කරයි.

මෙම රැකියා සදහා බදවා ගැනීම් පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරන බවද ඔහු පවසයි.

මේ අතර ඊශ්‍රායලයේ කර්මාන්ත අංශයේ රැකියා සදහා ශ්‍රමිකයන් බදවා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී කර්මාන්ත අංශයේ රැකියා සදහා ශ්‍රමිකයන් බදවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් ඔහු සදහන් කරයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා ශ්‍රමිකයන් බදවා ගැනීම යළි ආරම්භවී ඇති බවත්, පසුගිය සතියේදී ි කණ්ඩායම් දෙකක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවූ බවත් ඔහු පෙන්වාදෙයි.

මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා ශ්‍රමිකයන් දෙදහසක් පිටත් කර යැවීමට කටයතු කර ඇති බවත් ඔහු පවසයි.

මෙම රැකියා අවස්ථා හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනයක් යටතේ පමණක් බවද ඔහු කියයි.

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බවත්, එසේ මුදල් එක්රැස් කැන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මනුෂ නානායක්කාර වැඩිදුරටත් සදහන් කරයි.