November 19, 2024

හත්හැවිරිදි පිරිමි ළමයකුට රුසියානු මෘදුකාංග සමාගමක රැකියාවක් හිමිව තිබේ.

රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර වෙසෙන සර්ජි නමැති එම දරුවා පසුගිය වසර දෙක තුළ මෘදුකාංග සටහන් කරන ආකාරය විස්තර කරන වීඩියෝ ඔහුගේ යූ ටියුබ් ගිණුම හරහා බෙදාගෙන ඇත.

ඒ අනුව අදාළ පිරිමි දරුවාගේ වීඩියෝ දර්ශන තොරතුරු ආරක්ෂණ සමාගමක් වන Pro32 හි අවධානයට ලක්ව ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස එම පිරිමි දරුවා රැකියවක නිරත වීමට සුදුසු වයස් සීමාවට පැමිණි වහාම අදාළ සමාගමේ ආයතනික පුහුණුවේ ප්‍රධානියා ලෙස වැඩ කිරීමට ඔහුට ආයතනය යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ එම ආරාධනයෙන් දරුවාගේ මව්පියන් අතිශය සතුටට පත්ව ඇති බව හා යෝජනාව පිළිගෙන ඇති බවයි.

සර්ජි මේ වනටිටත් ඔහුගේ යූ ටියුබ් නාලිකාව වෙත අනුගාමිකයන් 3,000 කට අධික සංඛ්‍යාවක් රැස්කරගෙන සිටියි.

එම නාලිකාව හරහා ඔහු විවිධ මෘදුකාංග පිළිබඳ ඉගැන්වීමේ වීඩියෝ පළකරයි.

රුසියානු නීතියට අනුව, එරට දරුවකුට වයස අවුරුදු 14 දී රැකියාවක නිරතවීමේ හැකියාව ලැබේ.

ඒ එම දරුවාගේ මව්පියන්ගේ අවසරය, සීමිත වැඩකරන වේලාවන් සහ කෙටි වැඩ සතියක් හිමිවීම යන කොන්දේසිවලට යටත්වය.

42.31%
17.27%
32.76%