April 12, 2025

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ජිමී ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනැමීමට නියමිතය.

ඔහුගේ ක්‍රිකට් දිවියේ වාර්තාගත අවසන් ටෙස්ට් තරගයෙන් වසරකට පසු මෙම නයිට් පදවිය පිරිනැමීම සිදුවනු ඇත.

පසුගිය ගිම්හානයේදී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු විශ්‍රාම ගනු ලැබිණි.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති සහ ක්‍රිකට් ලෝලියකු වන රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇතුළත් වූ එකම ක්‍රීඩකයා වී සිටියේ ද ඇන්ඩර්සන්ය.

ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 704ක් ලබා ගනිමින් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම නතර කළේය.

එය ජාතික වාර්තාවක් වන අතර ඉතිහාසයේ ඕනෑම පන්දු යවන්නකුගේ තුන්වැනි ඉහළම කඩුලු සංඛ්‍යාව ද වේ.

වයස 42ක් වුවද ඔහු තවමත් තාක්ෂණික වශයෙන් ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

මෙම වසරේ ලැන්කෂයර් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නැවත ගිවිසුම් අත්සන් කර තිබුනදා පාදයේ ආබාධයක් හේතුවෙන් වත්මන් ප්‍රාන්ත වාරය සඳහා ඇන්ඩර්සන් ක්‍රීඩා කිරීම ප්‍රමාද වී ඇත.

ඔහුට තවදුරටත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇති නිසා පළමු පන්තියේ කඩුලු 1,126ක් දවා ගැනීම තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාසය පළවී තිබේ.

“සුභ පැතුම් සර් ජිමී ඇන්ඩර්සන්,අපේ ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන් එංගලන්ත පුරාවෘත්තයකට මෙය සැබවින්ම ලැබිය යුතු ගෞරවයක්” යනුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ වත්මන් සභාපති රිචඩ් තොම්සන් පවසා තිබිණි.

ජිමීගේ වෘත්තීය ජීවිතය අසාමාන්‍ය ජයග්‍රහණවලින් සනිටුහන් වී ඇති අතර, විශේෂයෙන් සිව් වතාවක් අළු බඳුන ජයග්‍රහණය කිරීම සහ එංගලන්තයේ සර්වකාලීන ප්‍රමුඛ කඩුලු ලාභියා බවට පත්වීම ඒ අතරින් කිහිපයකි.

“ඔහුගේ කුසලතාව, අධිෂ්ඨානය සහ ක්‍රීඩාශීලීත්වය එංගලන්තයේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ක්‍රීඩකයන් සහ රසිකයන්ට ආස්වාදයක් ලබා දී ඇත. පිටියේදී සහ ඉන් පිටත ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන් සැබෑ ලෝක ශ්‍රේෂ්ඨයකුට මෙය සුදුසු පිළිගැනීමක්” යනුවෙන් ද තොම්සන් පවසයි.