Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු 2024 ජනවාරි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ, ජෙරොම් ප්‍රනාන්දු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
දින දෙකක් ප්‍රකාශ ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් මස මුලදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු ලැබීය.
මතභේදයට තුඩුදෙන ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ දේවගැතිවරයා මේ වසරේ මැයි මාසයේදී පිරී ඉතිරී ගිය සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේ ගැන මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳ අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටියේය.
ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන නිසා මෙරට බෞද්ධාගම අදහන පිරිස තුළ කැලඹීමක් ඇති වී තිබිණි.
මෙම ගැටලුසහගත තත්ත්වයෙන් පසුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
සිද්ධියෙන් මාස හයකට ආසන්න කාලයක් විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart