June 13, 2024

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් තාවකාලිකව ඉවත් කර තිබේ.

මෙම නඩුව අද (13) අමල් පෙරේරා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවේ හයවැනි විත්තිකරු වන ජෙෆ්රි ඇලෝසියස්ට සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාස තුනක් ඇතුළත විදේශගත වීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව මෙම සංචාරක තහනම ඉවත්කිරීම ජුනි 01 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

2019 වසරේදී නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇලෝසියස් අත්අඩංගුවට ගනු ලැබිණි.

ජෙෆ්රි ඇලෝසියස් යනු භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියායි.

42.31%
17.27%
32.76%