November 13, 2024

ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 350ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු ලෙස සඟවා තිබූ වාහනයක් පිළිබඳව ලද තොරතුරක් මත මෙම රථය සොයාගෙන ඇත.

වාහනයේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ වත්මන් හිමිකරු සිය නීතිඥවරයා මාර්ගයෙන් පොලිසියට භාර වී ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ අලෙවි නියෝජිත ආයතනයකින් මිලදී ගෙන ඇති මෙම ජීප් රථය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

42.31%
17.27%
32.76%