Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වලංගු ලියාපදිංචියක් හෝ නීත්‍යානුකූල ලියකියවිලි නොමැති බවට වාර්තා වන සුඛෝපභෝගි වාහනයක් සන්තකයේ තබාගත් මහියංගනය ප්‍රදේශයේ භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ.
වාහනයේ අංක තහඩුව ද වංචනික එකක් බවට පොලිසිය සැකකරයි.
අදාළ “Trooper” ජීප් රථය කිසිදු නිල හෝ සත්‍යාපනය කළ හැකි ලියකියවිලි නොමැතිව අවිධිමත් ලියවිල්ලක් හරහා භික්ෂුව වෙත පවරා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වාහනයේ මූලාරම්භය සහ භාවිතය පිළිබඳ සැකය තවත් වැඩි කරමින් වාහනය සඳහා විධිමත් හිමිකාර වාර්තා නොමැති බව පොලිසය පවසයි.
අදාළ සුඛෝපභෝගි රථයේ, කුරුණෑගල ප්‍රදේශයෙන් සොයාගත් තවත් වාහනයක අංක තහඩුවක්ම සවිකර තිබූ බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
තෙල්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන මෙම භික්ෂුව කාලයක සිට වාහනය සන්තකයේ තබාගෙන සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
විමර්ශනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත පුළුල් පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට නිලධාරීන් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart