April 6, 2025

යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහාය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හෙළිකරයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර කොළඹ පැවති හමුවකදී සනත් ජයසූරිය ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසූරිය පවසා ඇත්තේ, මෙම හමුව “සැබවින්ම අමතක නොවන සහ ආශ්වාදජනක අත්දැකීමක්” බවයි.

අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගයට ඔහු කෘතඥතාව පළකර ඇත.

යාපනයේ යෝජිත ක්‍රීඩාංගණය උතුර සහ නැගෙනහිර පළාත්වල ක්‍රිකට් නඟාසිටුවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනු ඇති බව ඔහු තවදුරටත් පවසයි.